Skip to content

ශ්‍රී දේවරුක්ඛාරාමය ගැන…

පායින්ගමුව ගමේ දැනට තිබෙන මෙම බෝධීන් වහන්සේ ගම් වැසියන්ගේ වන්දනාමානයට පාත්‍ර වූවකි. විශාල ගල් සහිත බැම්මකින් මෙම බෝධිය වට කර තිබිණි. සෑම පෝයකටම අවට ගම් වාසීන් මෙම බෝධිය ශුද්ධ පවිත්‍ර කර වන්දනා කරන ලදී.

මීවතුර සංඝබෝධි විහාරස්ථානයේ අති පූජ්‍ය හන්දෙස්සේ ගුණවංස ස්චාමින්‌ වහන්සේ විසින්‌ අප ගමට වැඩිය දිනක මෙම ඉපැරණි බෝධීන්‌ චහන්සේ දැක
මෙම භූමියෙන් ‌ අක්කර කාලක පමණ ප්‍රමාණයක්‌ මුදලට ගෙන මෙම බෝධියට අයත්‌ අක්කර කාලක පමණ බිම්‌ කොටස ද එකතු කර ගම්වැසියන්ගේ සහයෝගය රැගෙන මෙම ස්ථානය විහාරස්ථානයක්‌ බවට පත්‌ කිරීමට අදහස්‌ කර ගත්තෝ ය.

උණගස්වලින්‌ අඩි 10×15 මඩුව සාදා වටට ලෑලි ගසා කුඩා කාමර 2ක්‌ සාදා තහඩු වලින් සෙවිලි කර කුඩා ප්‍රමාණයේ ගොඩනැගිල්ලක්‌ ඉදි කර 1986 මැයි මස වෙසක්‌ පුර පසළොස්වක පොහොය දින මීවතුර ගුණවංස ස්වාමින්වහන්සේ අවට ගම්වාසින්‌ සමග බෝධි පූජාවක්‌ පවත්වා පිරිවෙනේ අධ්‍යාපනය ලබන සාමණේරයන්‌ වහන්සේලා දෙනමක්‌ වැඩ වාසය කරවන ලදී.
මෙම සාමණේරයන්‌ වහන්සේලාට ඉහත නම්‌ සඳහන්‌ දායක පිංවතුන්‌ සමග අනෙකුත්‌ ගම්වැසියන්‌ ද දානමාන පූජා කරමින්‌ ඇප උපස්ථාන කරන ලදී. ඉන්පසු ගමේ දායකයෝ එකතුව අඩි 30×15 පළල ධර්මශාලාවක්‌ ඉදි කළහ. එම ශාලාව සෙවිලි කිරීමට අවශ්‍ය උළු ගුණවංස ස්වාමින්වහන්සේ විසින් ලබා දුන්‌ සේක.

මෙම විහාරස්ථානයට සෑම පොහෝයකට ම ගමේ දායක දායිකාවන්‌ පැමිණ දානය පූජා කර මල්‌ පූජාවන්‌ පැවැත්වීමට ඒක රාශි විය. ඉන්‌ පසු මෙම විහාරස්ථානයේ ළමයි 15 දෙනෙකුගෙන්‌ පමණ යුතු දහම්‌ පාසලක්‌ ද ආරම්භ කළේය. තාවකාලිච සාදන ලද ආවාස ගෙය දිරාපත්‌ වූ නිසා ඉදි කළ ධර්මශාලාව සංඝාවාසයක්‌ කර සාමණේරයන්‌ වහන්සේලාට වැඩ වාසය කිරීමට ඉඩ සැළසූහ.

ඉන්‌ පසු බුදුම පිළිම වහන්සේ නමක්‌ තැන්පත්‌ කර ගම්වාසින්ට වන්දනා කිරීමට ඉඩ සැලසූ අතර බුද්ධ මන්දිරයක්‌, සංඝාවාසයක්‌ සහ දානශාලාවක්‌ ඉදි කර තිබුණත්‌ ධර්මශාලාවක අඩුව වඩාත් හොඳින්‌ දැනෙන්නට විය. නව ධර්මශාලාවක්‌ ඉදි කිරීමට 1998 ජූනි 25 දින උදේ 9.00ට මුල්‌ ගල්‌ තබා 1998.10.27 දින පෙ.ව 6.38ට යෙදුණු සුබ මොහොතින්‌ ධර්මශාලාව සඟසතු කොට පූජා කරන ලදී . එසේම
1998.11.01 දින කඨින පුණ්‍ය මහෝත්සවය සඳහා සර්ව රාතික පරිත්‍රාණ ධර්ම දේශනයක්‌ පවත්වාගම්වාසින්ගේ සහයෝගයෙන්‌ පසු දින භික්ෂූන්‌ වහන්සේලා විසිනමකට කඨින දානය පූජා කරන ලදී.

1999 මැයි මස 28 ඳින මහනුවර මහ රොහලේ දී මීවතුර ශ්‍රී සංඝබෝධි විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය හන්දෙස්සේ ගුණවංස ලොකු ස්වාමින්‌ වහන්සේ අපවත්‌ වූහ. ඉන්‌ පසුව මීවතුර සංඝබෝධි විහාරස්ථානයේ විහාරාධිපති බෝපිටියේ ධම්මවංස ස්වාමින්‌ වහන්සේගේ භාරකාරත්වයෙන්‌ දැනට මෙම විහාරස්ථානයේ වැඩ වසන අපේ ලොකු ස්වාමින්‌ වහන්සේ වන පූජ්‍ය වෙලන්ගහවත්තේ වංගීස ස්වාමින්‌ වහන්සේ වැඩම කරවන ලදී, ඉන්‌ පසුව 1999 නොවැම්බර්‌ මස 20.21 ඳින කඨින චීවර පුජෝත්සවය පවත්වන ලදී. එතැන්‌ පටන්‌ වංගීස ස්වාමින්‌ වහන්සේ මෙම විහාරස්ථානයේ සංවර්ධන
කටයුතු භාර ගත්හ.

උන්වහන්සේ ගමේ සියලු ම දායක දායිකාවන්ගේ සිත්‌ දිනාගනිමින්‌ කටයුතු කළ බැවින්‌ ලොකු කුඩා සැචොම පෝයට පන්සලට පැමිණෙන්නට පටන් ගත්හ. ඒ සමග ගමේ ප්‍රබෝධයක්‌ ඇති විය. ඉන් පසු නැවත දහම්‌ පාසල ආරම්භ කර නැණ නුවණීන්‌ යුතු දරු පිරිසක්‌ බිහි කිරීමට අඩිතාලම දැමූහ.

2003.08.12 දින ගමේ දායක දායිකාවන්ගේ ආධාර ලබාගෙන දැනට ඇති සංඝාවාසය සංවර්ධනය කරන ලදී. 2004 අගෝස්තු මස 08 වන දින මා සමග ප්‍රදේශවාසි දායක දායිකාවන්ගේ ආධාර උපකාරයෙන්‌ ධර්මශාලාව පුළුල්‌ කරන ලදී. ඉන්‌ අනතුරුව 2006.07.17 චන ඇසළ පොහෝ දින මෙම විහාරස්ථානයේ බුදු කුටිය සහ අට විසි බුදු කුටි ද සතර වරම්‌ දෙවිවරු සහ විෂ්ණු, කතරගම. දැඩිමුණ්ඩ, ඉරුගල්‌ බණ්ඩාර යන දෙවිවරුන්ගේ ප්‍රතිමා ද තැබීමට යෝජනා විය. 2009.09.25 වංගීස ස්වාමින්‌ වහන්සේගේ ප්‍රධානත්වයෙන්‌ මුල්ගල තබා ඉහත වැඩ කටයුතු ආරම්භ කළහ. උන්වහන්සේ ගමේ නිවසක්‌ නිවසක්‌ පාසා වැඩම කරමින්‌ දායකයන්‌ දැනුවත්‌ කරමින්‌ ඔවුන්ගේ ආධාර උපකාර ඇතිච දර්ශනීය අට විසි බුදු කුටි සහ දේව කුටි සාදන ලදී.

ඉන්පසු වංගීස ස්වාමින්‌ වහන්සේගේ සංකල්පයකට අනුව මෙම විහාරස්ථානයට අඩුවක්ව පැවැති චෛත්‍ය රාජයාණන්‌ වහන්සේ නමක්‌ නිර්මාණය කිරීමට දායක දායිකාවන්ට යෝජනා කළහ. ඉන්‌ පසු මීවතුර සංඝබෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝපිටියේ ධම්මවංස ලොකු හාමුදුරුවන්‌ වහන්සේ දැනුවත්‌ කර උන්වහන්සේ විසින්‌ මෙම විහාරස්ථානයට අයත්‌ ඉඩම නිරවුල්‌ කර මෙම චෛත්‍ය රාජයාණන්‌ වහන්සේ පන්සල්‌ ඉඩමේ මුදුනෙහි ඉදි කිරිමට කටයුතු සූදානම්‌ කළහ.

2013.05.19 දින සියලු දෙනාගේ සහභාගිත්වයෙන්‌ චෛත්‍යරාජයාණන්‌ වහන්සේගේ වැඩ ආරම්භ කිරීම සඳහා සිව්වරම්‌ දෙවිවරුන්ට සහ ඉරුගල්‌ බණ්ඩාර දෙවියන්ට දේව පූජාවක්‌ පවත්වා ආශිර්වාදය ලබා ගත්හ. 2013.05.20 දින උදේ 06.45ට යෙදුණු සුබ මොහොතින්‌ වංගීස ස්වාමින්වහන්සේ විසින්‌ මුල්ගල්‌ තබන ලදී.

පුරා වසර පහ හමාරක්‌ පායින්ගමුව ගමේ දායක දායිකාවන්ගේ‌ සහ අප වංගීස ස්වාමින්‌ වහන්සේ විශාල කැප කිරීමක්‌ කළේය. අට විසි බෝධි පූජා පවත්වමින්‌ චෛත්‍යයේ කොටස්‌, දෙපස පහන්‌ කනු ඉදි කිරීම දායකයන්ට භාර කරමින්‌ මුදල්‌ රැස්කර එම මුදලින්‌ දර්ශනීය චෛත්‍යරාජයාණන්‌ වහන්සේ සාදා නිමා කරන ලදී. එය දුටු සැමගේ නෙත්‌ සිත්‌ බැඳ තබයි. වම්‌ පසින්‌ සම්බුදු හිමියන්ගේ සිරිපා පහස
ලත්‌ සමනළ කඳු වැටියත්‌, ඉදිරියෙන්‌ අම්බුළුවාව කන්දත්‌, ලංකාතිලක විහාරය පිහිටා ඇති කඳු පන්තියත්‌, පහළින්‌ ගලා බසින මහවැලි නදියත්‌ මෙම විහාරස්ථානයට මනාව දර්ශනය වෙ. මෙම ස්ථානයට පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ නෙත්‌ සිත්‌ ප්‍රබෝධමත්‌ කරති.

ගම්පොළ දොළුව පාර අයිනේ දේව කුටියක්‌ තනවා ඉරුගල්බණ්ඩාර දෙවියන්ගේ දේව ප්‍රතිමාවක්‌ ද පිහිටුවා ඇත. මෙම විහාරස්ථානය ගොඩ නැංවීමට ධනය හා ශ්‍රමය දායක කර එයට සහභාගී වූ සියලු ම ගම්වැසියන්ටත්‌ උදව්‌ උපකාර කළ අයටත්‌ මෙම විහාරස්ථානය ඉතා උසස්‌ ලෙස නිර්මාණය කිරීමට අවවාද අනුශාසනා දෙමින්‌ තම ශ්‍රමය හා ධනය වියදම්‌ කළ අප විහාරස්ථානයේ
විහාරාධිපති ශාස්ත්‍රපති වෙලන්ගහවත්තේ වංගීස ස්වාමින්‌ වහන්සේටත්‌ අපට අනුශාසනා දුන්‌ මීවතුර සංඝබෝධි විහාරස්ථානයේ විහාරාධිපති ධම්මවංස ස්චාමින්‌ වහන්සේටත්‌ නිදුක්‌ නිරෝගි චිර ජීවනය
ලැබේවායි ප්‍රාර්ථනා කරමු .